බැංකු සහන නොලැබීම ගැන මහබැංකුවෙන් පැහැදිලි කිරීමක් (වීඩියෝ)

Friday, 10 July 2020 - 6:12

%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පොලී අනුපාතික අඩු කිරීමේ වාසිය වානිජ බැංකු මගින් ණය ලාභීන්ට ලබාදී නොමැති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.

මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී එහි නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව කියා සිටියා.

එහිදී කොරෝනා වෛරසයේ බලපෑමත් සමග රජය ලබා දුන් ණය සහන හා රට යථා තත්ත්වයට පත්වූ පසු වානිජ බැංකු මගින් යළි පොලී අය කර ගැනීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

එහිදී නියෝජ්‍ය අධිපතිවරයා සඳහන් කළේ ජනතාවට තම ණය කොන්දේසි වාණිජ බැංකු වෙත ගොස් වෙනස් කිරීමේ හැකියාවද පවතින බවයි.