\'අමරපුර විහාරස්ථාන නාමාවලිය\' එළිදැක්වීමට ඩයලොග් ආසිආටා බැති සිතින් දායක වෙයි

Wednesday, 15 July 2020 - 10:32

%5C%27%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%5C%27+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A9%E0%B6%BA%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%86%E0%B6%A7%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
උතුම්  ශ්‍රී සද්ධර්මය ශ්‍රී ලංකාද්වීපයේ නොනැසී පවත්වාගැනීම උදෙසා අනුපමේය කාර්යභාරයක් කළ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ආදි කර්තෘන්වහන්සේලා සැමරීමේ මහෝත්සවයල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ජුලි 08 වෙනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

අමරපුර මහා නිකායට අයත් පාර්ශවයන්හි මහ නායකල අනුනානයක ස්වාමීන්වහන්සේලාල ලේඛකාධිකාරී සහ නියෝජ්‍ය ලේඛකාධිකාරී ස්වාමීන්වහන්සේලාල ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ දායක සභාවේ පින්වතුන්ල ශ්‍රී ලංකාවේ බුරුම සහ තායිලන්ත තානාපතිවරුන් ඇතුළු ගිහි පැවිදි සම්භාවනීය පිරිසක් ඊට සහභාගී වූහ.
 
අතිපූජ්‍ය  කොටුගොඩ ධම්මාවාස මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවිය වර්තමානයේ හොබවතිග   අමරපුර මහා නිකාය උප පාර්ශ්වයන් 22කින් සහ විහාරස්ථාන 3351කින් යුක්තය.

විදේශයන්හි විහරස්ථාන 48ක්ද අමරපුර මහා නිකාය යටතේ පාලනය වෙයි.

අමරපුර නිකායට අයත් එම සියලු විහාරස්ථානවල තොරතුරු ඒකරාශි කර ශ්‍රී ලංකා අමරපුර නිකායේ විහාරස්ථාන නාමවලිය ග්‍රන්ථයක් ලෙසින් උරුමයක උල්පත පදනම මෙම සැමරුම් උළෙලේදී එළිදැක්වියග ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්වහන්සේගේ චරිතාපදානය ඇතුළත් කෘතියක් ද මීට සමගාමීව එළිදැක්විණි.

මෙම ග්‍රන්ථ එළිදැක්වීමට සහ පුණ්‍ය මහෝත්සවය සංවිධානය කිරීමට ඩයලොග් ආසිආටා සමාගමේ පූර්ණ දායකත්වය ලබාදෙන ලදී.

සැරියුත්, මුගලන්, මහා කාශ්‍යප මහ රහතන්වහන්සේලාගෙන් පැවත ආ සංඝ පරම්පරාවේ සහ මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් මෙරටට සම්බුදු සසුන දායාද විය.

විවිධම යුගයන්හි පැමිණි, අභියෝග හමුවේ වූ බාධක වලට මුහුණ දෙමින් මහ සංඝරත්නය නිර්මල බුදු දහමත් සඟ සසුනත් සුරැකූහග වර්ෂ 1753 දී සියමෙන් මෙරටට රැගෙන ආ උපසම්පදාව සීමාවන් පනවමින් සමස්ත ශාසනයට නොලැබීම හේතුවෙන් වර්ෂ 1978 දී වැලිතර මහාකරාවේ ඥාණවිමලතිස්ස හිමියෝ දැඩි පරිශ්‍රමයක් දරමින් බුරුම දේශයට වැඩම කොට අමරපුරයේදී උපසම්පදාවට පත්ව එම උපසම්පදාව රැගෙන ආ සේක.

එසේ පැමිණ වර්ෂ 1803 දී බලපිටි මෝදර මාඳු ගඟේ උදකුක්ඛේප සීමා මාලකයේදී භික්ෂු සංඝයාට පැවිදි උපසම්පදාව ලබාදීමට කටයුතු කළහ.

මෙරට සඟ සසුනටත් සම්බුද්ධ දේශනාවටත් අපරමිත මෙහෙරක් සිදුකරන අමරපුර මහා නිකාය එසේ ස්ථාපිත කෙරිණි.

බුරුම දේශයට වැඩම කොට උපසම්පදාව යළි මෙරටට වැඩම වීමේ පුරෝගාමී මෙහෙවරට බෝධිසත්ව ගුණෝපේත වැලිතර මහාකරාවේ ඥාණවිමලතිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමඟ බෝධිසත්ව ගුණෝපේත බෝගපිටියේ ධම්මජෝති, බෝධිසත්ව ගුණෝපේත අත්තුඩාවේ ධම්මරක්ඛිත, බෝධිසත්ව ගුණෝපේත බෝගහපිටියේ කතලුවේ ගුණරතණ,
බෝධිසත්ව ගුණෝපේත කපුගම ධම්මක්නද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා කයටුතු කළහ.

වර්ෂ 1956 දී අමරපුර මහා සංඝ සභාව ආරම්භ වෙයි.

ඒ සඳහා අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ, අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රීල අතිපූජ්‍ය වලගෙදර සෝමලෝක තිස්ස, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මවංශ, අතිපූජ්‍ය පින්වත්තේ දේවානන්ද, අතිපූජ්‍ය බේරුවල සිරිනිවාස, අග්ගමහා පණ්ඩිත දවුල්ධෙන ඥාණෙස්වර, අතිපූජ්‍ය වැලිගම ඥාණරතන යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා කටයුතු කළහ.

අමරපුර නිකාය නියෝජනය කරමින් දීර්ඝ කාලයක් සසුන් කෙත බැබැලවීමට අතිපූජ්‍ය පොල්වත්තේ බුද්ධදත්ත වාදීහ සිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද රාජගුරු ශ්‍රී සුභූති විදුරුපොළ පියතිස්ස වැනි මහා යථිවරායණන් වහන්සේලා කටයුතු කළ බව ගෞරව පූර්වකව සිහිපත් කළ යුතුය.

ශ්‍රී ලාංකේය උරුමය සහ සංස්කෘතිය රැකීමට උරදෙන ඩයලොග් ආසිආටා සමාගම දීර්ඝ කාලයක් තිස්සේ රටේ ප්‍රධාන සංස්කෘතික ආගමික උත්සව සඳහා සිය දායකත්වය සපයයි.

ඒ අතර මහනුවර ශ්‍රී දළදා මහා පෙරහර මංගල්‍යයල කැළණිය දුරුතු මහා පෙරහර, ගංඟාරාමා නවම් මහා පෙරහර, කතරගම ඇසළ මහා පෙරහර, ගැටබරු ඇසළ මහා පෙරහර සහ කෝට්ටේ රජමහා විහාරස්ථ පෙරහර මංගල්‍යයන් ද වේ.

එසේම බෞද්ධාලෝක වෙසක් කලාපය සහ ගංඟාරාම විහාරස්ථ ශ්‍රී බුද්ධ රශ්මි වෙසක් කලාපය සඳහා ද ඩයලොග් සමාගම දායකත්වය සපයයිග දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වාහල්කඩ ඉදිකිරීමට ද ඩයලොග් සමාගම දායකත්වය ලබාදී තිබේ.

ශ්‍රී ලාංකේය උරුමය රැකදීමට කටයුතු කරයි.