ලං.වි.ම අලාභය රුපියල් මිලියන 90,000 ක්

Thursday, 16 July 2020 - 13:34

%E0%B6%BD%E0%B6%82.%E0%B7%80%E0%B7%92.%E0%B6%B8+%E0%B6%85%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+90%2C000+%E0%B6%9A%E0%B7%8A
ලංකා විදුලිබල මණ්ඩලයේ මෙම වසරේ අලාභය රුපියල් මිලියන 90,000 දක්වා ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.

පසුගිය වසරේ රුපියල් මිලියන 85,000 ක්ව පැවති අලාභය මෙලෙස මිලියන 5,000 කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන්නේ 2020 අයවැය පුරෝකථනයන්ට අනුවයි.

කෙසේ වෙතත් කොවිඩ් ව්‍යාප්තියෙන් සිදුව ඇති බලපෑම නිසා මෙම ප්‍රමාණය මීට වඩා ඉහළ අගයක් ගනු ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

ගතවූ මාස කිහිපය තුළ රුපියල් බිලියන 20 කට ආසන්න මුදලක් හිඟ බිල්පත් සඳහා අය කරගැනීමට සිදුව තිබෙනවා.

එසේම විදුලි බිල්පත් ගෙවීම සඳහා පසුගියදා ලබාදුන් සහනයද අලාභය තවදුරටත් ඉහළ යාමට හේතුවක් වනු ඇති බවයි විදුලිබල අමාත්‍යාංශයේ ප්‍රකාශකයා සඳහන් කළේ.

අලුතින් විදුලි ව්‍යාපෘති ආරම්භ නොකිරීම නිසා හදිසි මිලදී ගැනීම් යටතේ විදුලිය ලබාගැනීමද මෙම අලාභයට තවත් හේතුවක් වී තිබෙනවා.