බැංකු පද්ධතිය කාර්යක්ෂම කිරීමට අග්‍රාමාත්‍යවරයාගෙන් කමිටුවක්

Friday, 24 July 2020 - 10:46

%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B8+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා රාජ්‍ය බැංකු පද්ධතිය කාර්යක්ෂම කිරීමට රජය සූදානම් වනවා.

ඒ අනුව, නෛතික හා පරිපාලනමය පියවර නිර්දේශ කිරීම සදහා හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායකගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ද හිමිවුණා.

කොරෝනා වසංගතය හමුවේ මෙරට ආර්ථික අභියෝග ජය ගැනීම සදහා රාජ්‍ය බැංකු පද්ධතිය සහ ඒවාට අනුබද්ධිත ආයතන විධිමත්ව සහ කාර්යක්ෂමව ක්‍රියා කළ යුතු අතර, මුල් අරමුණුවලින් බැහැරව අදාළ ආයතන කටයුතු කිරීම නිසා මෙම පියවර අනුගමනය කෙරෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.