ජූලි මාසයේ උද්ධමනය ඉහළට

Saturday, 01 August 2020 - 20:01

%E0%B6%A2%E0%B7%96%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
පසුගිය ජූලි මාසයේ මෙරට වාර්ෂික උද්ධමනය සියයට 4. 8 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ජුනි මාසයේදී එය සටහන් වූයේ සියයට 4.7ක් ලෙසයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය ද පසුගිය ජූලි මාසයේදී 135.4 දක්වා සියයට දශම 8 කින් ඉහළ ගිය බවයි ජන ලේඛන සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එහිදී ආහාර මිල දර්ශකය ඒකකය 148 දක්වා සියයට දශම 1 කින් ඉහළ ගිය අතර, ජුනි මාසයේදී එය සියයට 2.6ක වර්ධනයක් පෙන්නුම් කළා.

ආහාර නොවන කාණ්ඩයේ මිල ගණන් පසුගිය මාසයේ ඉහළ ගොස් ඇත්තේ සියයට දශම 1කින්.