රුපියල තවත් ශක්තිමත් වෙයි

Saturday, 08 August 2020 - 7:48

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් වීමක් ඊයේ දක්නට ලැබුණු අතර, ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 187 යි ශත 63 ක් ලෙසයි.

ඒ අනුව මේ වසරේදී ඩොලරයට එරෙහිව රුපියල අවප්‍රමාණ වී ඇත්තේ සියයට 2 යි දශම 4 කින්.

එමෙන්ම, ඩොලරයක විකුණුම් මිල රුපියල් 200 ඉක්මවූ පසුගිය අප්‍රේල් 8 වනදා සිට මේ දක්වා රුපියලේ අගය සියයට 6 යි දශම 8 කින් ශක්තිමත් වී තිබෙනවා.