කොවිඩ් 19 විරාමයෙන් පසු කොටස් වෙළඳපොලේ සියයට 20 ක වර්ධනයක්

Sunday, 13 September 2020 - 19:40

%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+19+++%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+20+%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා ගණුදෙනු අත්හිටුවා යළි ආරම්භ කළ කොළඹ කොටස් වෙළඳපොල පසුගිය කාලය තුළ කැපී පෙනෙන වර්ධනයක් අත් කර ගෙන තිබෙනවා.

පසුගිය මැයි 11 වනදා යළි ආරම්භ කෙරුණු කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය මේ වනවිට සියයට 18.97 කින් වර්ධනය වී ඇති අතර, පසුගිය 11 වනදා වනවිට 5438.91 ක් ලෙස සටහන් වනවා.

කොටස් වෙළඳපොලේ විශාලතම සමාගම් 20 නියෝජනය කරන වඩාත් ද්‍රවශීලි කොටස් සහිත එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද නැවත ආරම්භයේ සිට සියයට 21.15 කින් වර්ධනය වූයේ සැප්තැම්බර් 11 වනදා වනවිට 2359.24 ක් ලෙස සටහන් කරමින්.

කොවිඩ් 19  ගෝලීය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නම් කරනු ලැබූ පසුගිය මාර්තු 11 වනදා සිට මේ දක්වා කාලය තුළ කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය සහ එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය අඛන්ඩව වර්ධනය වීම විශේෂත්වයක්.

කොටස් වෙළඳපොලේ සමස්ත අගය එනම්, වෙළඳපොල ප්‍රාග්ධනීකරණය පසුගිය මැයි 11 වනදා එහි ගණුදෙනු යළි ආරම්භ කළදා සිට මේ දක්වා රුපියල් බිලියන 235.5කින් ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, දෛනික පිරිවැටුමේ සාමාන්‍යය ද මේ වනවිට රුපියල් බිලියන 1.35 ක් ලෙස 2014 වසරෙන් පසු ඉහළම අගය නිරූපණය කරන බවයි කොටස් වෙළඳපොල නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.