රන් මිල තවදුරටත් ඉහළට

Monday, 26 October 2020 - 8:35

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතින අතර, මෙම සතිය තුළ රන් අවුන්සයක මිල ඩොලර් 1900 සීමාව ඉක්මවනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

එමෙන්ම, දුසේරා උත්සව සමය හේතුවෙන් ඉන්දියාවේ රන් මිල මාස 03 කින් ඉහළම අගයන් සලකුණු කළා.

ඉන්දියාව පසුගියදා රන් ආනයනය සඳහා 12.5% ක ආනයන බද්දක් සහ 3% ක අගය එකතු කිරීමේ බද්දක්ද පනවනු ලැබුවා.

මේ අනුව ඉන්දියාවේ රන් මිල මේ වසරේදී 30% කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.