ලෝක වෙළඳපොලේ තෙල් මිල පහතට

Monday, 26 October 2020 - 13:13

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7
ලොවපුරා කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යාමත් සමඟ ලෝක වෙළඳපොලේ තෙල් මිල පහත වැටීමක් දක්නට ලැබෙනවා.

ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල පසුගිය සති අන්තයේදී ඩොලර් 39 දක්වා සියයට 2.5 කින් පමණ පහත වැටුණා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිලද සියයට 2.5 කින් පහත වැටී සටහන් වූයේ ඩොලර් 41 ක් ලෙසයි.

කොවිඩ් 19 වෛරසයට එරෙහි සාර්ථක එන්නතක් නුදුරේදී ඉදිරිපත් නොවුවහොත් තෙල් බැරලයක මිල ඩොලර් 40 සීමාවේ පවතිනු ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.