දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල පහළට

Saturday, 31 October 2020 - 13:17

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් අද දිනයේ සීග්‍ර ලෙස පහත බැස තිබෙනවා.

එළවළු තොග විශාල වශයෙන් ලැබුණ ද ඒවා මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින් සහ ව්‍යාපාරිකයින් නොපැමිණීම ඊට හේතුව බවයි ආර්ථික මධ්‍යස්ථාන කළමනාකාර භාරය සඳහන් කළේ.

කොළඹ මැනිං වෙළදපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ වසා දැමීම නිසා එළවළු ව්‍යාපාරිකයින් මෙලෙස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට නොපැමිණෙන බවටයි වාර්තා වන්නේ.