ඩ්‍රීම් පුහුණුවෙන් කොවිඩ් 19 පරදවමු - නව ජීවන රටාවක් උදෙසා පෙළ ගැසෙමු

Friday, 20 November 2020 - 19:31

%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+19+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%80%E0%B6%B8%E0%B7%94+-+%E0%B6%B1%E0%B7%80+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A7%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8F+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%99%E0%B6%B8%E0%B7%94
\"\"
\r\n
 
\r\n
නව ජීවන රටාවකට අනුගත වීම තුලින් කොවිඩ් -19 ගෝලීය වසංගතය පාලනය කල හැකි අතර රට ආර්ථිකව හා සමාජීය වශයෙන් ස්ථාවර තත්ත්වයක ගෙන යා හැක.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් -19 පැතිරීම වැලැක්වීම සඳහා හුරුකරගත යුතු නව හැසිරීම් රටාවන් හඳුන්වා දෙන ලදී. මෙම හැසිරීම් රටා මූලිකව  ආකාර 4 කි. එය භාවිතයේ පහසුවට කෙටියෙන් ඩ්‍රීම් / DReAM ලෙස හැඳින්වේ.   
 
D - Distancing / ශාරීරික දුරස්ථභාවය

මෙහි අදහස වන්නේ එකිනෙකා අතර අවම, මීටර් 1 ක දුරක් තබා ගැනීමයි.අනවශ්‍ය ගමන් බිමන් සීමා කිරීම, සෑම අවස්ථාවකදීම සෙනඟ ගැවසෙන, පොදු ස්ථානවලට යාමෙන් වැළකීම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, නිදන්ගත රෝග ඇති පුද්ගලයන්, ගැබිණි මාතාවන් හැකි සෑම විටම නිවසේ රැඳී සිටිම, උණ/ කැස්ස/ ඇඟපත වේදනාව දැනේනම් නිවසේ රැඳි සිටිම හා නිවසේදී හැකි සෑමවිටම නිවැසියන්ගෙන් ඈත්ව සිටිම වැනි දේවල් තවදුරටත් දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා කළහැකි ක්‍රියාවන්ය .

Re – Respiratory etiquette / සනීපාරක්ෂක ක්‍රමවේද  

සැමවිටම ඔබේ දෑත් පිරිසිදු බව සිහි තබා ගත යුතුය. නිතර සබන් යොදා  අවම වශයෙන් තත්පර 20 ක් අත් නිසි ලෙස සේදිය යුතුය. දෑත් සේදිය නොහැකි අවස්තාවලදී, hand sanitizer එකක් භාවිතා කර දෑත් පිරිසිදු කරගත්යුතුය. මුහුණ ස්පර්ශ නොකිරීම, හැකි සෑම තැනකම දොර හැන්ඩ්ල්ස් සහ පඩිපෙළ රේල් පීලි වැනි පොදුවේ ස්පර්ශ වන මතුපිට ස්පර්ශ කිරීමෙන් වැළකීම හා එවැනි නිතර ස්පර්ශ වන පොදු ස්ථානවල පෘෂ්ඨයන් නිතිපතා විෂබීජහරණය කිරීමත් සනීපාරක්ෂක ක්‍රමවේදයන් යටතට අයත් වේ.

A – Aseptic tecniques / ශ්වසන ආචාර විධි

කැස්සකට හෝ කිවිසුමකට වැලමිටේ ඇතුල් පසින් මුහුණ ආවරණය කිරීම නිවැරදි ක්‍රමයයි . නිදහසේ හෝ අත්ල මතට කිවිසුම්, කැස්ස පිට කිරීම වැරදි ක්‍රමයකි . එසේ සිදුවුයෙන් ඉක්මණින්ම අත්  සේදිය යුතුය.

M - Mask මාස්ක් පැළඳීම

පොදු ස්ථානාවලදී, ආගන්තුක පුද්ගලයන් හමුවන විට, නාසය හා මුඛය වැසෙන පරිදි, සුදුසු මුහුණු ආවරණයක් භාවිතා කල යුතුය.  

ඩ්‍රීම් / DReAM පදනම් කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පොදු මහජන ක්‍රියාකාරම් හා වෘත්තීය ක්‍රියාකාරකම් කල යුතු ආකාරය දැක්වෙන මාර්ගෝපදේශ 52ක් ඉදිරිපත් කරන ලදි.

මෙම මාර්ගෝපදේශවලට අනුගතව කටයුතු කිරීමෙන් කොවිඩ්-19 වසංගතය පැතිරීම පාලනය කල හැක.




\r\n





\r\n





\r\n