ලබන වසරේ බොරතෙල් මිල ස්ථාවරව පවත්වාගෙන යා හැකි බවට අපේක්ෂා

Saturday, 21 November 2020 - 13:37

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B7%80+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F
කොරෝනා වෛරස් එන්නතක් කඩිනමින් හිමිවීම පිලිබඳ බලාපොරොත්තු සහ ඔපෙක් සංවිධානය සිය නිෂ්පාදන කප්පාදුව අඛන්ඩව පවත්වා ගැනීමට කටයුතු කිරීම නිසා ලබන වසරේදී ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 44 යි ශත 45 ක් ලෙස සටහන් වන අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 41 යි ශත 78 ක් ලෙසයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ඉල්ලුම පහත වැටුණ ද, ආසියාකරයෙන් ඉන්ධන සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවේයැයි අපේක්ෂා කෙරෙනවා.