කොරෝනා බලපෑමට ලක්වූ මෙරට ආර්ථිකය ශක්තිමත්ව ගොඩනැගිය හැකි බව ලෝක බැංකුව කියයි

Sunday, 29 November 2020 - 13:21

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොවිඩ් 19 ගෝලීය වසංගතයේ බලපෑමට ලක්වූ මෙරට ආර්ථිකය ශක්තිමත් ලෙස යළි ගොඩනැගීමේ ඉහළ හැකියාවක් පවතින බව ලෝක බැංකුව පවසනවා.

එහි ශ්‍රී ලංකාව, මාලදිවයින සහ නේපාලය පිළිබඳ අධ්‍යක්ෂ ෆරීස් හඩාඩ් සර්වෝස්, මේ බව ප්‍රකාශ කළේ සිය ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය නිමාවට පත් කරමින්.

ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන නේවාසික කළමනාකාරිනි චියෝ කන්ඩා ද ඊට එක්වුණා.

ලෝක බැංකු දකුණු ආසියාතික අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණදෙන අභියෝග පිළිබඳව ලෝක බැංකුව අවබෝධයෙන් පසුවන බවයි.

එමෙන්ම, තිරසාර අන්දමින් ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීම සඳහා ශ්‍රී ලංකාවට පවතින අවස්ථා පිළිබඳව ද අවධානය යොමුවනවා.

කොවිඩ් 19 වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවට යළි ගොඩනැගීම සඳහා මෙරට දිගු කාලීන සංවර්ධන පාර්ශවකරුවෙකු ලෙස ලෝක බැංකුවේ තාක්ෂණික සහ මූල්‍ය සහාය හිමිවන බවයි ශ්‍රී ලංකාවේ ලෝක බැංකු නේවාසික කළමනාකාරිනි චියෝ කන්ඩා ප්‍රකාශ කළේ.