දළ දේශීය නිෂ්පාදිතයට වැඩිම දායකත්වය බස්නාහිරින්

Sunday, 20 December 2020 - 8:30

%E0%B6%AF%E0%B7%85+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
උතුර, නැගෙනහිර, වයඹ සහ සබරගමුව පළාත්, දළ දේශීය නිෂ්පාදිතය සඳහා ලබා දුන් දායකත්වය පසුගිය වසරේදී ඉහළ ගොස් ඇති බව මහබැංකුව ප්‍රකාශ කළා.

ඒ පළාත් දළ දේශීය නිෂ්පාදිත අගයන් ප්‍රකාශයට පත් කරමින්.

එහිදි ඉහළම දායකත්වය වන සියයට 39 යි දශම 1ක ප්‍රතිශතය බස්නාහිර පළාත විසින් ලබා දී ඇති අතර, මධ්‍යම පළාතේ එම අගය සියයට 11 යි දශම 5ක්.

වයඹ පළාත දළ දේශීය නිෂ්පාදිතය වෙනුවෙන් දැක්වූ දායකත්වයේ ප්‍රතිශතය සියයට 10 යි දශම 7ක් වන අතර දකුණු පළාත සහ සබරගමුව පළාත පිළිවෙලින් සියයට 9 යි දශම 9 ක සහ 7 යි දශම 6 ක දායකත්වයක් දක්වා තිබෙනවා.

මෙහිදී අඩුම දායකත්ව ප්‍රතිශතයක් සටහන් වන්නේ ඌව සහ උතුර පළාත් වලින්.

කෘෂි කාර්මික කටයුතු සඳහා වැඩිම දායකත්වය දකුණු සහ වයඹ පළාත් දක්වා ඇති අතර, කර්මාන්ත සහ සේවා අංශයෙන් බස්නාහිර පළාත ඉදිරියෙන් පසුවනවා.