සතොසට භාණ්ඩ සැපයීම ඍජු ආනයනකරුවන්ට සහ දේශීය නිෂ්පාදකයින්ට - ඇමති බන්දුල

Monday, 21 December 2020 - 13:24

%E0%B7%83%E0%B6%AD%E0%B7%9C%E0%B7%83%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%93%E0%B6%B8+%E0%B6%8D%E0%B6%A2%E0%B7%94+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD
ඉදිරි වසරේ සිට සතොස සඳහා භාණ්ඩ සැපයිය හැක්කේ සෘජු ආනයනකරුවන් සහ දේශීය නිෂ්පාදකයන්ට පමණක් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

සතොස 15වන සංවත්සර සැමරුම් උත්සවයට එම මූලස්ථානයේදී අද (21) පෙරවරුවේ එක්වෙමින් ඔහු කියා සිටියේ අත්‍යවශ්‍ය පාරිභෝජන භාණ්ඩවල මිල පහළ හෙලීමට ලබන වසරේ සිට උපාය මාර්ගික ක්‍රමවේදයන් භාවිතා කරන බවයි.

ඒ යටතේ සෑම සතියකම එක් අත්‍යවශ්‍ය භාණ්ඩය බැගින් මිල ගණන් අඩු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.