රුපියල අවප්‍රමාණ වීම වැළැක්වීමට පියවරගෙන ඇති බව මහ බැංකුව කියයි

Friday, 25 December 2020 - 20:23

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%85%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB+%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මෑතකදී විනිමය අනුපාතිකයේ සිදුවූ උච්චාවචනය අනවශ්‍ය හා පිළිගත නොහැකි බව මහබැංකුව පවසනවා.

ඒ අනුව දේශීය විදේශ විනිමය වෙළඳපොලේ මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔවුන් සඳහන් කළේ.

මෙම ක්‍රියාමාර්ග සහ අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම් අඛන්ඩව පවත්වා ගැනීමත් තුළින් ඉදිරි දින කිහිපයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 185 ට වඩා අඩු මට්ටමකට අතිප්‍රමාණය වනු ඇති බව මහ බැංකුවේ අදහස වී තිබෙනවා.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙරට නිල සංචිත ප්‍රමාණය මේ වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 5.6 ක් බවයි.

සංචිත මට්ටම ඉහළ නැංවීමට මහබැංකුව දේශීය හා විදේශීය හවුල්කරුවන් සමඟ පවත්වන සාකච්ඡාද මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බවයි  මහ බැංකුව සඳහන් කළේ.