චීනය වසර 08 කින් අමෙරිකාව අභිබවා යයි

Sunday, 27 December 2020 - 9:04

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+08+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B6%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
චීනය 2028 දී අමෙරිකාව අභිබවා ලොව විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇතැයි ආර්ථික විශ්ලේෂණ ආයතනයක් පවසනවා.

එක්සත් රාජධානියේ ආර්ථික හා ව්‍යාපාර පර්යේෂණ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ කොවිඩ් 19 වෛරසය සාර්ථක ලෙස කළමනාකරණය කිරීමට හැකිවීම චීනයට ඉදිරි වසරවලදී අමෙරිකාව හා යුරෝපයේ රටවල් අභිබවා යෑමට හේතුවනු ඇති බවයි.

එමෙන්ම, චීනය මෙලෙස ලොව විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇත්තේ කලින් එලෙස අනාවැකි පළ වූ කාලයට වඩා වසර 05 කට කලින් වීම විශේෂත්වයක්.

එමෙන්ම, වසර 2030 වනවිට ඉන්දියාව ලොව 03 වන විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇතැයි නව අධ්‍යයනය මගින් හෙලි වී තිබෙනවා.