පසුගිය වසරට සාපේක්ෂව විදේශ විනිමය සියයට 19ක වර්ධනයක්

Monday, 28 December 2020 - 13:18

%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+19%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලාංකික විගාමික ශ්‍රමිකයන් විසින් නොවැම්බර් මාසයේදී දිවයිනට එවූ විදේශ විනිමය ප්‍රමාණය පසුගිය වසරට වඩා සියයට 19ක වර්ධනයක් පෙන්නුම් කරනවා.

මේ වසරේ නොවැම්බර් මාසයේදී විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 612 ක විදේශ විනිමය දිවයිනට එවා ඇති අතර, පසුගිය වසරේ එලෙස ප්‍රේෂණය කළ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 515 දශම 3 ක්.

මේ වසරේ පළමු මාස 11 සැලකූවිට විගාමික ශ්‍රමිකයන් ඩොලර් මිලියන 6291ක් දිවයිනට එවා ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 3.9ක වර්ධනයක් ලෙස සැලකිය හැකියි.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හමුවේ මෙලෙස විගාමික ශ්‍රමික ප්‍රේෂණ වර්ධනය වීම විශේෂත්වයක්.

එමෙන්ම, පසුගිය වසරේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දිවයිනට එවූ ඩොලර් මිලියන 6717ක විදේශ විනිමය ප්‍රමාණය මේ වසරේදී අභිබවා යනු ඇති බවයි නවතම දත්ත මගින් පෙනී යන්නේ.