ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය විසදන්න රජය සූදානම් වෙයි

Monday, 04 January 2021 - 8:44

%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බොහෝ ග්‍රාමීය දිළිඳු ජනතාව මුහුණ දී ඇති ගැටළුවක් වන ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය විසදීමට රජය මැදිහත් වන බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ණය උගුලේ සිරවූවන්ගෙන් සියයට 93ක් පමණ වූ කාන්තාවන් ඇතුළු සියල්ලන්ටම සමෘද්ධි බැංකු මගින් ඉදිරියේදී සහන සපයන බවයි.