වතු නිවාස 500කට ඉන්දීය ආධාර

Saturday, 09 January 2021 - 8:29

%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+500%E0%B6%9A%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB
ඉන්දීය ආධාර යටතේ වතු කම්කරුවන්ට නිවාස 500ක් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය රජය කැමැත්ත පළ කර තිබෙනවා.

වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ ඉන්දීය කොන්සල් ජනරාල් පී.ආර්. දිපින් සමඟ එම අමාත්‍යාංශයේදී පසුගියදා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි වැවිලි අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම ද්විපාර්ශවික සබඳතා වැඩි දියුණු කරගැනීම පිළිබඳවද වැදගත් කරුණු රැසක් එහිදී සාකච්ඡා කර තිබෙනවා.