ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩුවීමක්

Monday, 11 January 2021 - 14:13

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
නව කොරෝනා වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ යුරෝපයේ පනවා ඇති දැඩි සීමාවන් සහ චීනයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව නැවත ඉහළ යාම හේතුවෙන් ලෝක වෙළඳපොලේ ඉල්ලුම පහත වැටීම නිසා බොරතෙල් මිලෙහි අඩුවීමක් අද වාර්තා වුණා.

සෞදි අරාබිය විසින් නිෂ්පාදන කප්පාදුවක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ පසුගිය සතියේ තෙල් මිල සියයට 7ත් 8ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගියා.

කෙසේ නමුත්, අද උදෑසන බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල 56 යි ශත 39 සිට ඩොලර් 55 යි ශත 57 දක්වා පහත වැටී තිබෙනවා.