වී සඳහා ස්ථාවර මිලක් නොමැති බවට ගොවීන්ගෙන් චෝදනා

Sunday, 28 February 2021 - 20:15

%E0%B7%80%E0%B7%93+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
රජය  විසින් වී සඳහා සහතික මිලක් නියම කළ ද තමන් වගා කළ වී සඳහා ස්ථාවර මිලක් නොලැබෙන බවට ගොවීන් චෝදනා කරනවා.

ප්‍රදේශ කිහිපයක හිරු වාර්තාකරුවන් සදහන් කළේ රජය විසින් ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා මෙතෙක් කිසිදු මැදිහත්වීමක් සිදුකර නොමැති බවයි.

නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 52කට සහ සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 54ක සහතික මිලට මිලදී ගන්නා බව රජය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මාතලේ, ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුඹුරු අක්කර 35,000ක පමණ වී අස්වනු රුපියල් 42ක මිලකට පෞද්ගලික අංශයට ලබාදීමට ගොවීන් කටයුතු කර ඇත්තේ රජය විසින් වී මිලදී ගැනීමට ක්‍රියා නොකිරීම හේතුවෙන්.