ඇල්ටෙයාර් පළමු අදියර අද විවෘත වෙයි

Friday, 12 March 2021 - 8:03

%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙරට නව නිර්මාණයක් සේ ඉදිකෙරුණු කොළඹ - කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහු මහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර අද (12) විවෘත කිරීමට නියමිතයි.

සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පයෙන් ඔබ්බට ගොස් ආනතියකින් යුතුව හරිත නිවාස සංකීර්ණයක් ලෙස එය ඉදිකිරීම විශේෂත්වයක්.

මෙරට ව්‍යාපෘතියක් සදහා ආයෝජකයෙකු විසින් සම්පූර්ණ ආයෝජන මුදල එකවර ගෙවන ලද ව්‍යාපෘතියක් වන මෙය නේවාසික හා වාණිජ වෙළද සංකීර්ණයක් වනවා.

උසින් මීටර් 230ක් වන මෙම ගොඩනැගිල්ල මහල් 68 කින් සමන්විතයි.

මීට අමතරව වර්ග 4කින් සමන්විත අති සුඛෝපභෝගී නිවාස 407 කින්ද එය සමන්විත වනවා.

ඇල්ටෙයාර් ගොඩනැගිල්ල තුල වාහන 600ක්ද නතර කර තැබිය හැකි වාහන රථ ගාලක්, කායවර්ධන මධ්‍යස්ථානයක්, පිහිනුම් තටාක 2ක් සහ උත්සව ශාලා පහසුකම් වලින්ද සමන්විත වන බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සදහන් කළේ.

ව්‍යාපෘතිය සදහා ආයෝජනය කර ඇති මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250 ක්.