පෙබරවාරියේ උද්ධමනය ඉහළට

Tuesday, 23 March 2021 - 10:39

%E0%B6%B4%E0%B7%99%E0%B6%B6%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මේ වසරේ පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 4.2ක් වන බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ජනවාරි මාසයේ එම අගය සටහන් වූයේ සියයට 3.7ක් ලෙසයි.

මෙලෙස උද්ධමනය ඉහළ යාමට ආහාර කාණ්ඩයේ මිල ඉහළ යාම විශේෂයෙන් හේතු වී තිබෙනවා.

ආහාර ද්‍රව්‍යවල මිල මත පදනම් වූ උද්ධමනය ජනවාරි මාසයේ  සියයට 5.9ක් වූ අතර පෙබරවාරි මාසයේදී එය සියයට 6.9ක්.