ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ගැන ලෝක බැංකුවෙන් පුරෝකථනයක්

Saturday, 03 April 2021 - 10:38

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මේ වසරේදී මෙරට ආර්ථිකය සියයට 3.4 කින් වර්ධනය වෙමින් ප්‍රකෘතිමත් වීමක් දැකගත හැකිවනු ඇති බව ලෝක බැංකුව පවසනවා.

එමෙන්ම දකුණු ආසියාවේ සමස්ත ආර්ථික වර්ධනය සියයට 7.2 ක් වනු ඇති බවයි එමඟින් නිකුත් කර ඇති බව නවතම පුරෝකථනයේ දැක්වෙන්නේ.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් 2020 වසරේ සියයට 28 කින් සංකෝචනය වූ මාලදිවයිනේ ආර්ථිකය සියයට 17.1 කින් වර්ධනය වනු ඇති.

එමෙන්ම ඉන්දියාවේ සියයට 5.8 ක වර්ධනයක් ලබනු ඇති බවත්, බංග්ලාදේශයේ මේ වසරේ ආර්ථීක වර්ධනය සියයට 5.1 ක් වනු ඇති බවත් ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවේ සඳහන්.