ලංකා බැංකුව ජාතියේ ආර්ථික පුනර්ජීවනයට පෙරමුණ ගනියි

Monday, 05 April 2021 - 13:17

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%92
මෙරට වාණිජ බැංකු ක්ෂේත්‍රයේ දැවැන්තයා වන ලංකා බැංකුව දැයේ ආර්ථික පුනර්ජීවනය සඳහා “සෞභාග්‍යා” ණය යෝජනා ක්‍රමය යටතේ වැඩිම ණය ප්‍රමාණයක් ලබා දෙමින් පසුගිය අභියෝගාත්මක මූල්‍ය වර්ෂය සාර්ථකව අවසන් කර තිබෙනවා.

මේ යටතේ ලංකා බැංකුව ගනුදෙනුකරුවන් 18,589 වෙනුවෙන් රුපියල් බිලියන 39.1 ක් මුදා හැර තිබෙනවා.

පසුගිය වසරේදී කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් වන රුපියල් බිලියන 589.394 කට වැඩි ණය පහසුකම් සඳහා තාවකාලික ගෙවීම් අත්හිටුවීමේ සහන ද ලබා දී ඇත්තේ ලංකා බැංකුවයි.

එමෙන්ම 2020 වර්ෂය සඳහා මූල්‍ය ක්ෂේත්‍රය තුල ලාභය ලෙස රුපියල් බිලියන 23.6 ක් වාර්තා කිරීම.

වත්කම්,ණය සහ තැන්පතු රුපියල් ට්‍රිලියන 2ක් ඉක්මවූ ශේෂ පත්‍රයක්ද රඳවා ගැනීමේ සාඩම්බර හිමිකම ඇත්තේද ලංකා බැංකුවටයි.  

පෙර වසරට සාපේක්ෂව වත්කම් වර්ධනය 24% ක්,ණය වර්ධනය 28% ක් සහ තැන්පතු වර්ධනය 23% ක් ලෙස ආයතනික වර්ධනයක් සනිටුහන් කිරීමටත් ලංකා බැංකුව සමත්ව තිබෙනවා.

2020 වසරේ මුල් භාගයෙදී කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් රට වසාදැමූ අවස්ථාවේ පවා ලංකා බැංකුව සිය ශාඛා බොහොමයක් අත්‍යවශ්‍ය බැංකු
කටයුතු සඳහා විවෘත කිරීමට කටයුතු කර තිබුනා.

එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථාන තුල සිටි ජනතාව ඇතුළු සැමට අත්‍යවශ්‍ය බැංකු සේවා සැපයීම සඳහා ලංකා බැංකුව Branch on wheels නමින් වූ සුවිශේෂ ජංගම රථ බැංකු සේවාව හරහා මුළු දිවයිනෙම ගනුදෙනුකරුවන් ඇති විශාල පිරිසකට සිය සේවය අඛණ්ඩව සැලසා දුන්නා.

මෙම සියලුම අනපේක්ෂිත අභියෝගයන් මධ්‍යයේ වුවද ලංකා බැංකුවේ මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 29 ක් වූ අතර 2020 වර්ෂය සඳහා ආදායම් බදු ගෙවීමට පෙර ලාභය ලෙස රුපියල් බිලියන 23.6 ක් ලෙස වාර්තා වුනා.

ගෙවී ගිය වර්ෂය සඳහා බදු ගෙවූ පසු ලාභය රුපියල් බිලියන 17.8 ක් ලෙස වාර්තා වුනා.

2020 වර්ෂය සඳහා එක්සත් රාජධානියේ The Banker සඟරාව විසින් ලැයිස්තුගත කර ඇති ඉහළම බැංකු 1000 අතරට තේරී පත්ව සහ දේශීයව අංක 01 බැංකු සන්නාමය බවට පත්ව ඇත්තේ ලංකා බැංකුවයි.

මෙයට අමතරව CIMA/ICCSL/Daily FT මගින් ලංකා බැංකුව ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 10 අතරටත් ශ්‍රේණිගත වුනා.

වසර 81 ක් පුරා ලද අත්දැකීම් සමඟින් දිවයිනේ අංක එකේ බැංකුව බවට පත්වෙමින් වඩාත් ස්ථාවර සහ විශ්වසනීය බැංකු සන්නාමය බවට පත්වූ ලංකා බැංකුව දේශීය ආර්ථිකය මෙන්ම දේශීය ජන ජීවිතය ද ඉහල නංවන්නට නිබඳව ඇපකැප වෙමින් ‘ජාතියේ මහා පහන්ටැඹ‘ ලෙස තවත් සතවර්ෂ ගණනාවක්   අභිමානයෙන් ඉදිරියට පා නගනු ඇත.