ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද නැවතත් ඉතිහාසයේ අවම අගය සලකුණු කළා.
මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව, ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 202 යි ශත 70 ක් ලෙසයි.
අද දිනයේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 198 ක්.
මීට පෙර රුපියල ඉතිහාසයේ අවම අගය සලකුණු කළේ පසුගිය අප්‍රේල් පළවනදායි.
එදින ඩොලරයක විකුණුම් මිල රුපියල් 202 යි ශත 10 ක් ලෙස සටහන් වුණා.
මේ වසරේ මේ දක්වා කාලය තුල ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 7 යි දශම 1 යි 4කින් අවප්‍රමාණ වී තිබෙනවා.