තිරිඟු පිටි මිල වැඩි කරන්නැයි සමාගමක් ඉල්ලයි

Monday, 26 April 2021 - 13:23

%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9F%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ආනයනික තිරිඟු පිටිවල මිල ඉහළ දමන්නැයි ප්‍රීමා සමාගම වෙළඳ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම ඊට ප්‍රධාන හේතුව බවයි.

ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් පමණ ඉහළ දැමිය යුතු බව ඔහු ප්‍රකාශ කළා.