ශ්‍රී ලංකාවට ලෝක බැංකුවේ සහය අඛණ්ඩව

Tuesday, 27 April 2021 - 10:31

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80
කොරෝනා වෛරස් ගෝලීය වසංගතයෙන් පීඩාවට ලක්වූ මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමට සහ යළි ගොඩනැංවීමට පූර්ණ සහය දක්වන ලෝක බැංකුව පවසනවා.

එහි ශ්‍රී ලංකාව, මාලදිවයින සහ නේපාලය සඳහා වන අධ්‍යක්ෂ ෆාරිස් හඩාඩ් සර්වෝස් මේ බව ප්‍රකාශ කළේ දිවයිනේ සංචාරයක් ඊයේ නිමාවට පත් කරමින්. ඔහුගේ කාර්යාලය පිහිටා ඇත්තේ නේපාලයේ කත්මණ්ඩු නුවරයි.

ශ්‍රී ලංකාවේ සංචාරයෙන් අනතුරුව ඔහු සඳහන් කළේ පසුගිය වසරේ දරුණු අපගමනයකට ලක්වූ මෙරට ආර්ථිකය දැන් ප්‍රකෘතිමත් වීමේ මාවතට පිවිස ඇති බවයි.

එහිදී ලක් රජයට අවශ්‍ය මූල්‍යමය සහ තාක්ෂණික සහය ලබාදීමට සූදානම් බව ඔහු අවධාරණය කළා.

ලෝක බැංකුවේ ඇගයීම්වලට අනුව පසුගිය වසරේ සියයට 3.6කින් අපගමනය වූ මෙරට ආර්ථිකය මේ වසරේදී සියයට 3.4ක වර්ධනයක් ලබනු ඇති.