සංචරණ සීමා නිසා තාවකාලිකව වැසුණු ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් යළි විවෘතයි

Monday, 17 May 2021 - 7:25

%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
සංචරණ සීමා පැනවීම හේතුවෙන් වසා දැමුණු දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය, පෑලියගොඩ මැනිං පොදු වෙළඳපොල සහ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය අද (17) සිට විවෘතව තැබෙනවා.

පසුගිය දින කිහිපය තුළම ආර්ථික මධ්‍යස්ථාන වෙත ගොවීන් විසින් එළවළු තොග ගෙනවිත් තිබුණ ද ඒවා මිලට ගැනීම සඳහා ගැනුම්කරුවන් නොපැමිණීම හේතුවෙන් ගොවීන් පත්ව සිටියේ දැඩි අපහසුතාවකටයි.

මේ අතර, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද (17) දින විවෘත වුවත් එය විවෘත වන්නේ මාතලේ ගොවීන්ට පමණක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු වෙළදසැල්වල සිය සේවා පවත්වාගෙන යාමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මුඛ ආවරණ පළදිමින් දුරස්ථභාවය තබා ගනිමින් ක්‍රියා කරන ලෙසටයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ.