LOLC සමාගම වාර්තාගත වාර්ෂික ලාභයක් උපයයි

Tuesday, 01 June 2021 - 14:08

LOLC++%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එල්.ඕ.එල්.සී. සමාගම වාර්තාගත ඉහළම වාර්ෂික ලාභය උපයාගැනීමට සමත්වී තිබෙනවා.

ඔවුන්ගේ ශුද්ධ ලාභය දැක්වුණේ රුපියල් බිලියන 57 ක් ලෙසයි.

එල්.ඕ.එල්.සී. සමාගම එලෙස ඉහළම ලාභයක් පිට පිට වාර්තා කළ තුන්වන අවස්ථාව මෙය වනවා.

වසර 40 ක ව්‍යාපාරික ඉතිහාසයක් ඇති එල්.ඕ.එල්.සී. සමාගම බැංකු, මූල්‍ය ඇතුලු ක්‍ෂේත්‍ර රැසක් ඔස්සේ සිය ව්‍යාපාර ජාලය මෙහෙයවන දේශීය සන්නාමයක්.