රොටි පිටි සහ බිස්කට් පිටි මිල ඉහළට - වැඩි කිරීමට අවසර දී නැහැ - රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න

Wednesday, 02 June 2021 - 13:57

%E0%B6%BB%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-++%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%BD%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි රොටි පිටි සහ බිස්කට් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා පිටි වර්ග වල මිල ප්‍රීමා සමාගම ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව රොටි පිටි කිලෝවක මිල රුපියල් හතරකින් සහ බිස්කට් නිෂ්පාදනයට යොදා ගන්නා පිටි කිලෝවක මිල රුපියල් 6 කින් ඉහළ දමා ඇති බවයි ප්‍රීමා සමාගමේ වෙළඳ නියෝජිතයින් සඳහන් කළේ.

මේ අනුව රොටි පිටි වලින් නිෂ්පාදනය කෙරෙන කොත්තු, පරාටා වැනි ආහාරවල මෙන්ම බිස්කට් වර්ගවල ද මිල ඉහල යෑමේ ඉඩ කඩක් පවතිනවා.

ලෝක වෙළෙඳපොළේ මෙම පිටි වර්ග වල මිල ඉහළ යාම මෙලෙස මිල ඉහළ දැමීමට හේතුව බවයි ප්‍රීමා සමාගම ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මිල වැඩි කිරීමක් ඉල්ලා තිබුණද ප්‍රීමා සමාගමට ඊට අවසරයක් ලබාදී නොමැති බවයි පරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කියා සිටියේ.