ඛණිජ වැලි ආශ්‍රීත වටිනාකම් එකතු කල ව්‍යාපාර සඳහා රුසියාවට ඇරයුම්

Tuesday, 08 June 2021 - 13:39

%E0%B6%9B%E0%B6%AB%E0%B7%92%E0%B6%A2+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%86%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%AD+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%BD+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
ශ්‍රී ලංකාව තුල ඛණිජ වැලි ආශ්‍රීත වටිනාකම් එකතු කල ව්‍යාපාර සඳහා රුසියාවට ඇරයුම් කළ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළා.

රුසියාවේ ශාන්ත පීටර්ස් බර්ග් හි පැවති අන්තර්ජාතික ආර්ථික සමුළුවට සහභාගි වූ අවස්ථාවේදී එරට රජයේ කර්මාන්ත සහ වෙළඳ ක්ෂේත්‍රයේ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව, ඊට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට රුසියාව එකඟ වී තිබෙනවා.

ශ්‍රී ලංකාව තුල බර යන්ත්‍රෝපකරණ නිෂ්පාදනාගාරයක් අරඹා නිදහස් වෙළඳ ගිවිසුම් යොදා ගනිමින් එම නිෂ්පාදන දකුණු ආසියානු රටවලට අලෙවි කිරීමේ හැකියාව පිලිබඳව ද දෙපාර්ශවය සාකච්ඡා කර ඇති බව සඳහන්.


//