දකුණු ආසියානු කලාපයේ රටවල් සැඟවූ ණය අර්බුදයක

Wednesday, 30 June 2021 - 13:51

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80%E0%B7%96+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A
කොරෝනා අර්බුදය හමුවේ දකුණු ආසියානු කලාපයේ රටවල් සැඟවූ ණය අර්බුදයකට මුහුණදෙමින් සිටින බව ලෝක බැංකුව ප්‍රකාශ කරනවා.

නවතම වාර්තාවක් ඉදිරිපත් කරමින් ලෝක බැංකුව සඳහන් කරන්නේ රජයන් මෙන්ම ව්‍යවසායකයන් සහ බැංකු පද්ධතිය ද එවැනි ණය ලබා ගැනීම් සඳහා පෙළඹී ඇති බවයි.

සංවර්ධන අභියෝගයන් මෙන්ම, සහන ක්‍රියාමාර්ග සඳහා ද මෙලෙස ණය සැපයුම් සිදුවන අතර, මෙම තත්ත්වය මත අසියානු කලාපය මූල්‍ය අර්බුදයකට මුහුණදිය හැකි බව ලෝක බැංකුවේ අදහසයි.