ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව ලෙස රුපියල් බිලියන 8.6ක් ප්‍රකාශයට පත් කරයි

Friday, 02 July 2021 - 18:42

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B7%82%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+8.6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
2005 වසරේ සිට මේ දක්වා ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රුපියල් බිලියන 73.2 ක බෝනස් මුදලක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 8.6 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2020 වසර සඳහා සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත ප්‍රධානය කරන අතර 2005 වසරේ සිට මේ දක්වා රුපියල් බිලියන 73.2 ක මුදලක් බෝනස් දීමනාව ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට මොබයිල් ඇප් හරහා සිය බෝනස් සහතිකය ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව පවතිනවා.

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් රට තුල පවත්නා අසීරු තත්වය මධ්‍යයේ වුවද මෙම බෝනස් දීමනාව ප්‍රකාශයට පත්කිරීමත් සමගින් ජීවිත රක්ෂණ වෙළඳපල තුල වැඩිම ප්‍රතිලාභ ලබාදෙන ජිවිත රක්ෂණය ලෙස ඔප්පුහිමියන් විසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙත තබා ඇති විශ්වාසය නැවත තහවුරු වී තිබෙනවා.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සතු ක්‍රමවත් ආයෝජන කළමණාකරණ උපායමාර්ග හා රුපියල් බිලියන 134 වන රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත ජීවිත රක්ෂණ අරමුදල සිය ජීවිත රක්ෂණ සැලසුමි හිමියන්ට ඉහළ ප්‍රතිලාභ ලබාදීම සදහා හේතුවී ඇති අතර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මේ වන විට රු බිලියන 212 ක් වන රක්ෂණ ක්ෂේත්‍රයේ අසමසම වත්කම් සම්භාරයකටද හිමිකමි කියයි.

2020 වර්ෂය තුල ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයෙහි ව්‍යාපාර උපායමාර්ග පාරිභෝගිකයන් සඳහා පහසුව සැලසීම කෙන්ද්‍රගතකොටගෙන ක්‍රියාත්මක වූ අතර මේ අනුව ඔන්ලයින් ගෙවීම් පහසුකම් සැලසීමල පොළී රහිත පහසු ගෙවීම් ක්‍රම හඳුන්වාදීම සහ ඔන්ලයින් හරහා ජීවිත රක්ෂණ යෝජනාපත්‍ර භාරදීම ක්‍රියාත්මක කිරීම මේ අතර වේ.

එමෙන්ම පාරිභෝගිකයන්ගේ වෙනස්වන අවශ්‍යතා වලට සරිලන ලෙස නිර්මාණය කරන ලද ජීවිත රක්ෂණ සැලසුම් රැසක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සතුව පවතිනවා.

සමාගම ආරම්භයේ සිට ජීවිත රක්ෂණයක් ලබාගැනීමේ වැදගත්කම ශ්‍රී ලාංකීය ජනතාවට අවබෝධකරදීම සිය අරමුණු අතර ප්‍රමුඛ ස්ථානයක ලා සලකන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මේ  වන විටද ශ්‍රී ලංකාවෙි සෑම ප්‍රදේශයකටම ජීවිත රක්ෂණයේ පණිවිඩය රැගෙන යන මෙහෙවරේ පෙරගමන්කරු ලෙස ක්‍රියා කරයි.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පරම්පරා ගණනක් මුලුල්ලේ දිනාගත් ජනතා විශ්වාසය තහවුරු කිරීමට සමාගම විසින් ළගා කරගෙන තිඛෙන ගෞරව සම්මාන සාක්ෂි දරණ අතර 2021 වසරේද බ්‍රෑන්ඩි ෆිනෑන්ස් මගින් වසරේ \"වඩාත්ම ජනාදරයට පත් රක්ෂණ සන්නාමය\" ලෙස අඛණ්ඩව සිව්වැනි වරටත් ගෞරවයට පාත්‍ර වීම මෑතකදී ලබාගත් ඉහළම ජනතා සම්මානය ලෙස දැක්විය හැකියි.

පාරිභෝගිකයා කේන්ද්‍රකරගත් රක්ෂණ ආයතනයක් ලෙසින් නව රක්ෂණ සැලසුම් හා සේවාවන් පාරිභෝ්ගිකයාට ඉදිරිපත් කරමින් සිය මෙහෙයුම් ක්‍රියාවලියේ ඵලදායීතාව වැඩිකරගැනීම සදහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තවදුරටත් කැපවන අතරම 158 ක් වන සිය ශාඛා ජාලය තවදුරටත් පුලුල් කරමින් විශිෂ්ට පාරිභෝගික සේවාවක් සැපයීමට සූදානමින් සිටී.











//