ඩයලොග් ආසිආටා සමාගම සුවිශේෂී සන්ධිෂ්ඨානයක් සනිටුහන් කරමින් සිය 4000 වැනි සන්නිවේදන කුළුණ තිහව ගම්මානයේදී විවෘත කරයි

Monday, 05 July 2021 - 13:00

%E0%B6%A9%E0%B6%BA%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%86%E0%B6%A7%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%93+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+4000+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1+%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%AB+%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%80+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කොවිඩ්-19 වසංගත සමය තුළ රුපියල් බිලියන 50ක වාර්තාගත ආයෝජනයක්

සෑම ශ්‍රී ලාංකිකයෙකු එකිනෙකා හා යා කරමින්, රටම ඩිජිටල් පහසුකම්වලින් බලගැන්වීමේ සිය දැක්මට අනුව, මෙරට පුළුල්තම ජාලයට හිමිකම් කියන ඩයලොග් ආසිආටා පී.එල්.සී විසින් සිය 4000 වැනි දුරකථන කුළුණ කුරුණෑගල තිහව ගම්මානයේදී විවෘත කරමින්, ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් තවදුරටත් ආවරණය පුළුල් කිරීමට කටයුතු කරන ලදි.

ශ්‍රී ලංකාව පුරාම ආවරණය පුළුල් කිරීමේ සිය වෑයමට සමගාමීව සහ මෙම වසංගත සමය තුළ පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන් සිය සන්නිවේදන කුළුණු ජාලයට නව කුළුණු 515ක් එක්කරමින් මෙලෙස සිය 4000 වැනි ජංගම දුරකථන 4G කුළුණද පිහිටුවීමට ඩයලොග් හට හැකිවූ අතර එය මෙරට වාර්තාවන වැඩිම කුළුණු සංඛ්‍යාව සහිත ජාලයද වේ. ඈත එපිට ගම් දනව් වල වෙසෙන ප්‍රජාවන් උදෙසා සිය ආවරණය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත කිරීම පිණිස මෙන්ම නාගරික පෙදෙස්වලද හදිසි අධි ඉල්ලුම් ධාරිතාව සපුරාලීමටද හැකිවන සේ ඩයලොග් විසින් Lamp pole ආදී තාක්ෂණික ක්‍රමෝපායන් ද භාවිතයට ගනු ලබයි. මෙයින් නොනැවතී, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතිය සමග එකතුව ඉදිරි හය මස තුළ තවත් කුළුණු 450ක් තම දැවැන්ත කුළුණු ජාලයට අලුතින් එක්කරමින් 2021 වසර අවසානය වන විට මෙරට ජනගහනයෙන් 95%ක් 4G මගින් ආවරණය කිරීමට නියමිතය.

මෙම වසංගත සමයේදී ජංගම දුරකථන සඳහා 100%කින් වර්ධනය වූ ඩේටා ඉල්ලුමක් සහ 200%කින් වර්ධනය වූ ස්ථාවර ඩේටා ඉල්ලුමක් සපුරාලීමට ඩයලොග් සන්නිවේදන ජාලයට හැකි වූ අතර මෙරට ජංගම දුරකථන ඩේටා භාවිතයෙන් 60%ක් සපයනුයේද ඩයලොග් සන්නිවේදන ජාලය විසිනි. දැවැන්ත ලෙස ඉහළ යන මෙම ඉල්ලුම සපුරාලීමේදී අලුත් සන්නිවේදන කුළුණු ස්ථාපිත කිරීමට අමතරව, සිය පවතින කුළුණුවල ධාරිතාව ඉහළ නැංවීමටද ඩයලොග් කටයුතු කරමින් සිටියි. ඒ අනුව මෙම වසංගත සමය තුළ සිය ජංගම දුරකථන 4G කුළුණු 2,831ක් සහ ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා කුළුණු 1816ක ධාරිතාව එලෙසින් ඉහළ නැංවීමට ඩයලොග් විසින් කටයුතු කිරීම කැපී පෙනෙයි. එසේම මේ වසර අවසානය වන විට තම ජාලයේ කුළුණු වලින් 75%ක ධාරිතාව මෙලෙසින් නැංවීමට ඩයලොග් විසින් කටයුතු සූදානම් කර ඇත.

තවද නව ආයෝජනයන් තුළින් සිය 4G ජාලයේ සංඛ්‍යාත පරාසයද දෙගුණයකින් වර්ධනය කිරීම මගින් වැඩි ආවරණයක් ලබාදීමට ඩයලොග් සමත්ව සිටියි. ඒ අතරවාරයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවසරය මත 2G සහ 3G පිණිස භාවිතා කළ සංඛ්‍යාත පරාසයන් මත 4G ස්ථාපිත කිරීමද ඩයලොග් විසින් අරඹනු ලැබීය.මෙමගින් වෙනත් ජාලවලට සාපේක්ෂව ඩයලොග් වෙත ඇති ඉහළ ඉල්ලුම මධ්‍යයේ වුවද හොඳම ක්‍රියාකාරීත්වයක් පවත්වාගෙන යෑමට හැකි වේ.
මේ අතරවාරයේ කිසිදු දරුවකු මග නොහැරෙන පරිදි, ඔවුනගේ Online අධ්‍යාපනයට උපකාර කරනු පිණිස ‘නැණදිරි ඩේටා ශිෂ්‍යත්ව’ යටතේ පාසල් දරුවන් ලක්ෂයකට (100,000) ඔවුන්ගේ ඩේටා අවශ්‍යතාව සපුරාලීම සඳහා ඩේටා ශිෂ්‍යත්ව ලබාදීමටද ඩයලොග් කටයුතු කරනු ලබයි. මේ අතර දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම ඉලක්ක කරමින් මසකට රුපියල් 165ක් තරම් සුළු මුදලකට Zoom සහ Microsoft Teams සඳහා 25GB සැපයෙන ඩේටා පැකේජයක් හඳුන්වාදීමටද සමාගම කටයුතු කර තිබේ.

මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 2.8 ක සමස්ත ආයෝජනයක් සහිතව මෙරට දැවැන්තම සෘජු විදෙස් ආයෝජකයා ලෙස කටයුතු කරන ඩයලොග්, මේ ආකාරයෙන් යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා 2021 වසරේදී පමණක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 207කි. මෙයට අමතරව 2020 පෙබරවාරි මාසයේදී, ඇමරිකානු ඩොලර් මිලියන 254.1 ආයෝජනයටද සමාගම එකඟතාවකට එළැඹ තිබුණි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතාද මේ අවස්ථාවේදී අදහස් දැක්වූ අතර “කුරුණෑගල තිහව ගම්මානයේ පිහිටවූ මෙම ඩයලොග් කුළුණේ සන්නිවේදන සේවා ඇරඹෙන මේ මොහොතට සහභාගී වීමට ලැබීම අපට සතුටක්.මෙම නව කුළුණ මගින් ගම්මාන 20කට ජංගම දුරකථන සඳහා සහ ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් 4G ආවරණ පහසුකම සැලසෙනවා. එය ප්‍රදේශයේ පාසල් දරුවන්ට සිය ඊ-ලර්නින් කටයුතු වඩාත් අර්ථවත් කරගැනීමට පමණක් නොවෙයි, ‍මේ මගින් ප්‍රදේශවාසීන්ට තමන් මෙතෙක් සන්නිවේදනය කළ ආකාරයන් තවදුරටත් වැඩි දියුණු කර ගනිමින් සිය කටයුතු සහ ව්‍යාපාර ආදිය ඩිජිටල් තලයක හැඩගස්වා ගැනීමට හැකියාව ලැබෙනවා” යැයි ඒ මහතා පවසන ලදි.

ඩයලොග් ආසිආටා පී.එල්.සී හී සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා අදහස් දක්වමින් “අපගේ 4000 වැනි කුළුණ පිහිටුවීමේ මෙම සන්ධිස්ථානය කරා ළගා වීමට සහයෝගය දැක්වීම පිළිබද ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අදාළ නියාමන හා අධිකාරී ආයතන වෙත කෘතඥතාව පළකර සිටිනවා. මේ තත්වයන් හමුවේ අප කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව අපගේ පාරිභෝගිකයන්ටද ස්තූතිවන්ත වන අතර මෙම කර්තව්‍ය සාර්ථකව ඉතා ඉක්මනින් ඉටු කිරීම පිළිබද අපගේ හවුල්කරුවන්ට ද අප ස්තූතිවන්ත වෙනවා. තවද ජාලය ව්‍යාප්ත කිරීමට සහ ආවරණය පුළුල් කිරීමට ඩයලොග් සමාගම නිරන්තරයෙන් කටයුතු කරනවා” යනුවෙන් පැවැසීය.

ඩයලොග් ආසිආටා පී.එල්.සී හී සමූහ ප්‍රධාන තාක්ෂණ නිලධාරී ප්‍රදීප් ද අල්මේදා මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් “රටේ වඩාත් දුෂ්කර ප්‍රදේශ ආවරණය කිරීමේ අප මෙහෙවරේ කොටසක් ලෙසින් 4000 වැනි සන්ධිෂ්ඨානය සමග තිහව ගම්මානයේ ජනතාව වෙත මෙම නව කුළුණ පිරිනැමීට ලැබීම සතුටක්. මෙම වසංගත තත්ත්වයත් තුළ රට පුරා දැවැන්ත ලෙස ඉහළ ගිය සබඳතා සඳහා වන ඉල්ලුම සපුරාලමින් පෙර නොවූ විරූ තත්ත්වයන් යටතේ පවා අප පාරිභෝගියන්ට සහය වීම වෙනුවෙන් මෙම වසංගත සමයේ අප රුපියල් බිලියන 50.9 ක මුදලක් ආයෝජනය කරනවා.”\r\n