කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියර ජනපති ප්‍රධානත්වයෙන් (වීඩියෝ)

Tuesday, 13 July 2021 - 12:19

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%A9%E0%B7%92%E0%B6%A2%E0%B7%92%E0%B6%A7%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

ඒ ජනාධිපති කාර්යාලයේ පැවති වැඩසටහනකදී.

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ පළමු අදියර
ආරම්භ කළේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීයි.

ආයෝජකයන්ගේ කොටස් ගනුදෙනු ක්ෂණිකව තහවුරු කිරීම, සාංගමික ක්‍රියාකාරකම් පිළිබඳ අයෝජකයා දැනුවත් කිරීම හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමිකර දීම එහි අරමුණ වුණා.

පාලනාධිකාරිය පෙන්වා දෙන්නේ ඩිජිටල්කරණය හඳුන්වාදීමත් සමග කොටස් වෙළෙඳපොළ තොරතුරු බාගත කිරීම වේගවත් වීම නිසා නව අයෝජකයන් 65,000ක් ඉක්මවමින් නව මධ්‍යම තැන්පතු ක්‍රම ගිණුම් 17,000ක් විවෘත කෙරුණු බවයි.

ඩිජිටල්කරණයත් සමග ආයෝජකයන්ට ලෝකයේ ඕනෑම තැනක සිට සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ගනුදෙනු කිරීම, මාසික ප්‍රකාශන ලබාගැනීම, තොරතුරු හුවමාරුව සහ වෙනස් කිරීම මෙන්ම දේශීය සමාගම්වලට ගිණුම් විවෘත කිරීම ආදී අවස්ථාව මේ යටතේ හිමිවනවා.



//