ශ්‍රී ලංකාවෙන් කිසිදු මූල්‍ය ආධාර ඉල්ලීමක් ලැබී නෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි

Saturday, 17 July 2021 - 9:46

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%93+%E0%B6%B1%E0%B7%91++%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මේ දක්වා ශ්‍රී ලංකාවෙන් කිසිදු මූල්‍ය ආධාර ඉල්ලීමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලැබී නොමැති බව එම සංවිධානය පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි පවසා සිටියේ ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය පිළිබඳව ඔවුන් අදාළ බලධාරීන් සමග ඉතා සමීපව අඛණ්ඩව කටයුතු කරන බවයි.

“ශ්‍රී ලංකාව අපෙන් මෑතකදී මූල්‍ය ආධාර ඉල්ලා සිටියේ නෑ, නමුත් ඉල්ලීමක් කළහොත් විකල්ප සාකච්ඡා කිරීමට අපි නිරන්තර සූදානමින් සිටිනවා” ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ප්‍රධානී මසහිරෝ නොසාකි කියා සිටියා.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ IV වන උපදේශනය සහ ආර්ථික ප්‍රතිපත්ති සාකච්ඡා කිරීම සැලසුම් කර ඇත්තේ මේ වසරේ අගදීයි.

එහිදී සාර්ව ආර්ථික වර්ධනයන්, සංවර්ධන ඉලක්ක සහ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සාකච්ඡා කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.

රටේ ඩොලර් සංචිත ශක්තිය ඉහළ නැංවීම සඳහා අගෝස්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 800 ක් (රුපියල් බිලියන 160 ක්) ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇති බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මේ සතියේ ප්‍රකාශ කළා.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙය ප්‍රදානයක් මිස ආපසු ගෙවිය යුතු ණයක් නොවන බවයි.

 


//