ඔපෙක් සංවිධානයේ රැස්වීමක් හෙට

Saturday, 17 July 2021 - 20:17

%E0%B6%94%E0%B6%B4%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
තෙල් නිෂ්පාදනය ඉහළ නැංවීම පිළිබඳව තෙල් අපනයනය කරන රටවල ඔපෙක් සංවිධානයේ රැස්වීමක් හෙට පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

සෞදි අරාබිය, කුවේටය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය යන රටවල ඛනිජ තෙල් අමාත්‍යවරුන් අද ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරුවක නිරත වූ බව සඳහන්.

දෛනික තෙල් නිෂ්පාදනය බැරල් හාර ලක්ෂය දක්වා ඉහළ නැංවීමට ඔපෙක් සංවිධානය සැලසුම් කළ ද ඊට එක්සත් අරාබි එමීරය මෙතෙක් එකඟ වූයේ නැහැ.

මේ හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල වසර 6 කින් ඉහළ මට්ටමට පැමිණියා.


//