තේ වෙන්දේසියේදී මිල ගණන් පහත වැටේ

Sunday, 18 July 2021 - 13:25

%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
පසුගිය සතියේ පැවති ජුලි මාසයේ දෙවන තේ වෙන්දේසියේදී මිල ගණන් පහත වැටීමක් දක්නට ලැබුණු බව තැරැව්කාර සමාගම් පවසනවා.

පසුගිය 13 වනදා සහ 14 වනදා පැවති එම වෙන්දේසියේදී තේ කිලෝග්‍රෑම් මිලියන 7යි දශම 1ක් අලෙවි වී ඇති අතර, වතු යායන්හි තබා අලෙවි කළ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියනයකට ආසන්නයි.

මෙහිදී පහත රට තේ කිලෝග්‍රෑමයක මිල රුපියල් 622 යි ශත 33ක් ලෙස සටහන් වූ අතර එය පෙර සතියට ශත 85 ක පහත වැටීමක්. සී.ටී.සී. සහ මැදි වැවිල්ලේ තේ කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 ත් 20 ත් අතර ප්‍රමාණයකින් පහත වැටී තිබෙනවා.

කෙසේ නමුත්, උසස් වර්ගයේ බී.ඕ.පී. සහ බී.ඕ.පී.එෆ් තේ කිලෝග්‍රෑමයක මිල රුපියල් 20ත් 30ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගිය බවයි තැරැව්කාර සමාගම් ප්‍රකාශ කළේ.



//