වෙළඳ භාණ්ඩ අපනයන ආදායමේ වර්ධනයක්

Sunday, 18 July 2021 - 19:34

%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මේ වසරේ මැයි මාසයේ ශ්‍රී ලංකාව වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 892ක් උපයා ඇති අතර, එය අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 9 ක වර්ධනයක් ලෙස සැලකිය හැකියි.

එමෙන්ම, පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව එය සියයට 52ක පමණ වර්ධනයක්.

ජනවාරි සිට මැයි දක්වා කාලය සැලකූ විට වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 4692 ක් වන අතර, එය පෙර වසරේ එම කාල සීමාවට සාපේක්ෂව සියයට 33.3ක ඉහළ යාමක්.