ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සෞඛ්‍ය කළමනාකරණය සඳහා සම්මානයක්

Thursday, 22 July 2021 - 8:05

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලන්කන් ගුවන් සේවය මේ වසරේ ආසියානු නායකත්ව සම්මාන උළෙලේදී ආසියානු මානව සම්පත් නායකත්ව සම්මාන කාණ්ඩය යටතේ විශිෂ්ඨතම සෞඛ්‍ය කළමනාකරණය සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබුවා.

සේවා ස්ථානයේ කොරෝනා ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගුවන් සමාගම විසින් ගනු ලැබූ ප්‍රවේශයන් නිළ වශයෙන් හඳුනාගෙන අගය කිරීමෙන් පසුවයි මෙම සම්මානය පිරිනමා ඇත්තේ.

පසුගිය ජුලි මස 15 වන දින රටවල් 15කට අධික ජ්‍යෙෂ්ඨ නායකයින් 300කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙම සම්මාන උළෙල පැවැත්වුණා.