කුළුබඩු මන්දිරය හෙට ඇරඹේ

Wednesday, 04 August 2021 - 8:57

%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%B6%E0%B6%A9%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ජනතාවට සහන මිලට කුළුබඩු ලබාදීම සඳහා පළමු වරට කුළුබඩු මන්දිරය නමින් සුපිරි වෙළඳසැලක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම කුළුබඩු මන්දිරය හෙට සිට ආරම්භ වන්නේ බත්තරමුල්ල, කඩුවෙල පාර - අංක 74 පිහිටි කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩල පරිශ්‍රයේදීයි. දෙවන අදියර ලෙස දීපව්‍යාප්ත මට්ටමින් මෙවැනි කුළුබඩු මන්දිර පිහිටුවීමටද නියමිතයි.