රුපියල පිනුම් ගසයි - ඇදහිය නො හැකි මිල උච්චාවචනයක්

Wednesday, 08 September 2021 - 12:45

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%87%E0%B6%AF%E0%B7%84%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%8B%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හෙළි නො කළ වත්කම් නීත්‍යනුකූල කිරීමට ඉඩ සලසන මුදල් පනත් කෙටුම්පත ඊයේ (7) සංශෝධන සහිත ව පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

ඒ සමඟ ම පෙරේදා දිනයේ ජාත්‍යන්තර මුදල් ඒකකයන්ට සාපේක්ෂ ව බරපතළ ලෙස පහළට ඇද වැටුණු රුපියල කැපී පෙනෙන ලෙස ඉහළට පැමිණීම මෙරට පමණක් නො ව ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රයේත් දැඩි කතාබහට ලක්වූ සිදුවීමක් වී තිබෙනවා.

ඇත්ත වශයෙන්ම මෙලෙස වීමට හේතුව කුමක් ද?

හෙළි නො කළ වත්කම් නීත්‍යනුකූල කිරීමට ඉඩ සලසන පනත් කෙටුම්පත හෙවත් කළු සල්ලි සුදු කරන රජයේ ව්‍යායාමය සාර්ථක වී ද?

අපට තර්කානුකූල ව එසේ සිතිය හැකි වන්නේ ඊයේ දිනය (7) තුළ ජාතික ආර්ථිකයට වෙනත් කිසිදු ජාත්‍යන්තර මූල්‍ය සම්ප්‍රේෂණයක් සිදු නො වීම හේතුවෙන්.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින්ම ඊයේ දිනය සඳහා නිකුත් කරන ලද දෛනික මුදල් විනිමය අනුපාතය මත පදනම් ව මෙම විශාල උච්චාවචනයන් නිරීක්ෂණය වුණා.

ඒ අනුව පෙරේදා රුපියල් 203ක් ව තිබූ අමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය ඊයේ රුපියල් 202.99 දක්වා අඩු කර තිබුණේ ඉතා සුළු වශයෙන්.

නමුත් පසුගිය 6 වෙනිදා රුපියල් 317.47ක් ලෙස විකුණුම් අගය සටහන් ව තිබූ ස්ටර්ලින් පවුම ඊයේ දිනයේ දී පහත වැටී තිබුණේ රුපියල් 282.32ක් ලෙසට යි.

මෙය රුපියල් 35ට ආසන්න පහළ වැටීමක් වන අතර මෑත ඉතිහාසයේ ජාත්‍යන්තර මුදල් ඒකකයක සිදු වූ බරපතළ ම උච්චාවචනය ද වෙනවා.

යුරෝ මුදල් ඒකකයේ විකුණුම් අනුපාතය පසුගිය 06 වනි දා දැක්වුණේ රුපියල් 273.52ක් ලෙසට යි.

එය ද රුපියල් 30ට ආසන්න ප්‍රමාණයකින් ගොස් ඊයේ (7) නව අගය ලෙස වාර්තා වූයේ රුපියල් 243.52ක් ලෙසින්.

ඊට අමතර ව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියල් දෙකේ සීමාව පසුකර ගිය ජපාන \'යෙන්\' මුදල් ඒකකයට සාපේක්ෂ ව නැවතත් රුපියල් ශක්තිමත් වී තිබුණේ ජපාන යෙන් එකකට රුපියල් 1.86ක් වශයෙන්.

එමෙන්ම මෙරට රුපියලට සාපේක්ෂ ව කැනේඩියානු ඩොලරය ද පහළ බැස තිබුණු අතර පසුගිය 6 වන දා රුපියල් 183.38 විකුණුම් අගයක් සටහන් වී තිබූ කැනේඩියානු ඩොලරයේ ඊයේ විකුණුම් අගය සටහන් ව තිබුණේ රුපියල් 163.38ක් ලෙසින්.

නමුත් විදේස් මුදල් අලෙවි නියෝජිතයින් පවසන්නේ මහ බැංකුව විසින් පොලී අනුපාත අඩු කරන ලෙස බැංකුවලට සිදු කළ නියෝගයත් සමඟ විදෙස් මුදල් අගයන් සැලකිය යුතු ලෙස පහත වැටුණු නමුත්, වෙළඳපොළේ මෙම මිලට මුදල් මිලදී ගැනීමට නොමැති බවයි වර්තා වෙන්නේ.

\"මහබැංකු අධිපති ආචාර්‍ය ලක්ෂ්මන් එක් රැයකින් ආශ්චර්‍යයක් සිදු කර තිබේ ඔහු මෙරට රුපියල පැය 24කින් ලොව ප්‍රබලතම මුදල් ඒකකය බවට පත් කර ඇති අතර, සෑම මුදල් වර්ගයක් ම පාහේ 10%කටත් වඩා වැඩි අගයකින් ශක්තිමත් කරනා අතරතුර අමෙරිකානු ඩොලරයට පමනක් සාපේක්ෂ ව ඉතා සුළු අගයක් ලබා දී තිබෙනවා\"

සිදු ව ඇති මිල ගණන් උච්චාවචනය පිළිබඳ ව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රංග ශීලාල් උපහාසාත්මක ලෙස ප්‍රතිචාර දක්වමින් ට්විටර් පණිවිඩයක් ද නිකුත් කර තිබුණා.


//