ඇමරිකාවේ විශාලතම බොරතෙල් පර්යන්තය විවෘත වේ

Sunday, 12 September 2021 - 19:54

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%9A
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගත වූ සතියේ දැඩි විචල්‍යයක් පෙන්නුම් නොකළ බව වෙළඳපොල වාර්තා පෙන්වා දෙනවා.

අද වන විට බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 72 යි ශත 92 ක් ලෙසයි.

අගෝස්තු 20 වනදා සිට බොරතෙල් මිල අඛණ්ඩ වැඩි වීමක් පෙන්නුම් කළා.

මේ අතර අයිඩා සුලි කුණාටුවේ බලපෑමෙන් වසා දමා තිබූ මෙක්සිකෝ බොක්කේ පිහිටි ඇමරිකාවේ විශාලතම බොරතෙල් පර්යන්තය මේ වන විට යළි විවෘත කර තිබෙනවා.

එය වසා දැමීම හේතුවෙන් දිනකට බොර තෙල් බැරල් මිලියන 1 යි දශම 2ක නිෂ්පාදනයක් අඩු වුණා.



//