කොළඹ ව්‍යාපාරික සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Friday, 17 September 2021 - 13:38

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
රට තුළ දේශීය නිෂ්පාදන ආරම්භ කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් නො කළහොත් ආර්ථිකය සම්බන්ධයෙන් අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය විය හැකි බව කොළඹ ව්‍යාපාරික සංගමය අනතුරු අඟවනවා.

විදුලි උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය නො වන භාණ්ඩ ආනයනයේ දී සියයට සියයක මුදල් තැන්පතු අවශ්‍යතාවක් පැනවීම ගැටළුවට විසඳුම නො වන බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් දමින්ද විදානගමගේ කියා සිටියේ.