ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම ගැන තීරණය අද

Saturday, 18 September 2021 - 7:44

%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
නිරෝධායන ඇඳිරි නීතිය ලබන මස 1 වැනි දා දක්වා යලි දීර්ඝ කිරීමත් සමඟ ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් අද තීන්දුවක් ගන්නා බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මීට පෙර නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමේ දී එම අමාත්‍යාංශය පියවර ගත්තේ, පොහොය දිනවල දී හැර අනෙකුත් සෑ ම දිනක ම දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට යි.

කෙසේ වෙතත්, නිරෝධායන ඇදිරි නීතිය යළි දීර්ඝ කිරීමට ඊයේ තීන්දු කිරීමත් සමඟ ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් මෙලෙස අද තීරණයක් ගනු ඇති.