අගෝස්තු මාසයේ උද්ධමනය පහල බසී

Wednesday, 22 September 2021 - 9:30

%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B6%BD+%E0%B6%B6%E0%B7%83%E0%B7%93
පසුගිය අගෝස්තු මාසයේ මෙරට උද්ධමනය ජූලි මාසයට සාපේක්ෂ ව පහත වැටී ඇති බව මහ බැංකුව ප්‍රකාශ කළා.

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන උද්ධමනය ජූලි මාසයේ සියයට 6.8ක් ලෙස පැවති අතර, අගෝස්තු මාසයේ සටහන් වන්නේ සියයට 6.7ක් ලෙසයි.

කෙසේ නමුත්, ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ජූලි මාසයේ පැවති සියයට 11 සිට අගෝස්තු මාසයේ දී සියයට 11.1 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එහෙත් ජූලි මාසයේ සියයට 3.2ක් ලෙස පැවති ආහාර නො වන කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේ දී 3%ක් ලෙස පහත වැටුණා.

අගෝස්තු මාසයේ දී සීනි, අර්තාපල් සහ නැවුම් මත්ස්‍ය මිල ගණන් ඉහළ ගොස් ඇති අතර, සහල්, පොල්තෙල් සහ පොල් මිල සාපේක්ෂ ව පහත වැටී ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ.