‘My Dentist’ දන්ත සෞඛ්‍ය ජාලය තවත් පුළුල් වෙයි (ඡායාරූප)

Wednesday, 29 September 2021 - 9:18

%E2%80%98My+Dentist%E2%80%99+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ශ්‍රී ලංකාවේ පළමු සහ එකම දන්ත වෛද්‍ය සේවා ජාලය වන ‘My Dentist’ හි නවතම ශාඛා පිළියන්දල, හොමාගම, පානදුර මෙඩිහෙල්ප් රෝහල් වලද කඩවත එසෙස් රෝහල් පරිශ්‍රයේද විවෘත කෙරිණි.

Ataraxia Capital Partners සමාගම යටතේ ක්‍රියාත්මක වන My Dentist යනු දැනට ශ්‍රී ලංකාවේ වැඩිම මූල්‍ය සහ මානව සම්පත් ආයෝජනයක් රැගත් දන්ත සෞඛ්‍ය ජාලයයි.

අති නවීනතම දන්ත වෛද්‍ය උපකරණ හා තාක්ෂණය උපයෝගී කරගන්නා My Dentist හි අරමුණ වන්නේ වර්ධනය වෙමින් පවතින අර්ධ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව දියුණු මට්ටමේ දන්ත සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාමයි.

මේ අතර My Dentist සන්නාමය යටතේ තම දන්ත සෞඛ්‍ය සායන විධිමත් සහ ක්‍රමවත් අයුරින් ඉදිරියට ගෙන යාමට කැමැත්තෙන් පසුවන දන්ත වෛද්‍යවරු සිය ජාලයට එකතු කරගැනීමේ වැඩපිළිවෙලක් ද My Dentist හි ක්‍රියත්මක වේ.

දන්ත සායන නිශ්චිත ප්‍රමිතියකට පවත්වා ගෙන යාම මගින් දන්ත සේවාවන්හි ගුණාත්මක බව ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණයි.

My Dentist ප්‍රධාන විධායක නිලධාරී හසික ජයසූරිය මහතා පවසා සිටියේ මෙහි පවතින සුව පහසු මිත්‍රශීලී සේවා සත්කාර තුලින් රෝගීන්ට කිසිදු ආතතියකින් හෝ බියකින් තොරව ප්‍රතිකාර ගැනීමට ඉඩ ලැබෙන අතර නියමිත ප්‍රමිතීන්ට අනුව නවීණ ප්‍රතිකාර ලබා දීමට My Dentist හි සියලු කාර්ය මණ්ඩලය ඇප කැපවී සිටින බවයි.

ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියේ My Dentist හි නව සායන ජාලය තුලින් නගරබද මෙන්ම තදාසන්න ප්‍රදේශ රාශියක ජනතාවට ගුණත්මක දන්ත ප්‍රතිකාර ලබා ගැනීමට මෙමගින් දොරටු විවර කෙරෙණ බවයි.


\"\"
\"\"
\"\"
\"\"
\"\"