ලෝක වෙළඳපළේ බොරතෙල් මිල ඩොලර් 78 ඉක්මවයි

Sunday, 03 October 2021 - 8:43

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%85%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+78+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ලෝක වෙළදපළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 78 ඉක්මවා තිබෙනවා.

එය වසර 3කට පසු වාර්තා වූ වැඩිම අගය අභිබවා යාමට ආසන්න වීමක් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ඔපෙක් රටවල් තෙල් සැපයුම ස්ථායී මට්ටමක පවත්වාගෙන යාම මෙලෙස මිල ක්‍රම ක්‍රමයෙන් ඉහළ යාමට හේතු වී තිබෙනවා.

හෙට දිනයේ ඔපෙක් රටවල සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එහිදී දෛනික බොරතෙල් සැපයුම ඉහළ නැංවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.